මරේ මරු
අපේ තාත්තා ලේසියෙන් ගෙදරින් හොලවන්න බැරිවයි හිටියේ.. ඒත් මේ සැරේ මළිගාවට යමු කීවම හරියට ලෑස්ති උනා.. හාල්මැස්සන් කරවලවත් නොකා පේවී ගිය ඉරිදා අපි ගමන පිටත් උනා.. මහත්තයගෙ පොඩි අයියලයි, මගේ නංගිලයි අපියි විතරයි... ඉතින් ගිහින් ඇවිත් අපේ තාත්තා ලියනවා ලියනවා.. මේන් කවි පන්තියක්..... මරේ මරු..... 1. සතියක් පුරා පේ වී රකිමින් සීලේ හිමිදිරි උදේ සීතල උදුවප් කාලේ ගේ දොර ඉඩකඩම් ගැන අතහැර ආලේ වැන්දෙමි! දළදාව ගැන නවගුණ මාලේ 2. තේවා මුරය අවසානය සිද්ධ වෙලා සිව් මහ දේවාල බිම අපි ස්පර්ශ කලා 'නෙත්' බෝධියට පැන් කලයක් බැතින් හලා පැතුවා ගැලවෙන්න සසරේ නොවී මුලා 3. කඩුගන්නාවෙ කඩයකි පලතුරු වික්ක නතර කලා බස්රිය ගසමින් සක්ක කදු පන්තියේ අසිරිය මොනවට දැක්ක ගත්තා හීල දගලන රිලවුන් එක්ක 4. පොලොස් කොහිල සම්බෝලෙන් පිරුණු බඩ බලමින් මග දෙපස පලතුරු පිරුණු කඩ ගත්තා අඹ ටිකක් මගෙ ඉල්ලීම පිට නෙල්ලිගලට යමු කරදර සියලු මැඩ 5. දවල් දොළහ වනවිට පුදුමයි රස්නේ බැතිසිත සුළං රැල්ලට නැතිවෙයි උෂ්නේ අවට කදුවලා පෙන්වයි තම දිස්නේ නෙල්ලිගලට වතුරයි පළ...

Comments
Post a Comment