මරේ මරු
අපේ තාත්තා ලේසියෙන් ගෙදරින් හොලවන්න බැරිවයි හිටියේ.. ඒත් මේ සැරේ මළිගාවට යමු කීවම හරියට ලෑස්ති උනා.. හාල්මැස්සන් කරවලවත් නොකා පේවී ගිය ඉරිදා අපි ගමන පිටත් උනා.. මහත්තයගෙ පොඩි අයියලයි, මගේ නංගිලයි අපියි විතරයි... ඉතින් ගිහින් ඇවිත් අපේ තාත්තා ලියනවා ලියනවා.. මේන් කවි පන්තියක්.....
මරේ මරු.....
1. සතියක් පුරා පේ වී රකිමින් සීලේ
හිමිදිරි උදේ සීතල උදුවප් කාලේගේ දොර ඉඩකඩම් ගැන අතහැර ආලේ
වැන්දෙමි! දළදාව ගැන නවගුණ මාලේ
2. තේවා මුරය අවසානය සිද්ධ වෙලා
සිව් මහ දේවාල බිම අපි ස්පර්ශ කලා
'නෙත්' බෝධියට පැන් කලයක් බැතින් හලා
පැතුවා ගැලවෙන්න සසරේ නොවී මුලා
3. කඩුගන්නාවෙ කඩයකි පලතුරු වික්ක
නතර කලා බස්‍රිය ගසමින් සක්ක
කදු පන්තියේ අසිරිය මොනවට දැක්ක
ගත්තා හීල දගලන රිලවුන් එක්ක
4. පොලොස් කොහිල සම්බෝලෙන් පිරුණු බඩ
බලමින් මග දෙපස පලතුරු පිරුණු කඩ
ගත්තා අඹ ටිකක් මගෙ ඉල්ලීම පිට
නෙල්ලිගලට යමු කරදර සියලු මැඩ
5. දවල් දොළහ වනවිට පුදුමයි රස්නේ
බැතිසිත සුළං රැල්ලට නැතිවෙයි උෂ්නේ
අවට කදුවලා පෙන්වයි තම දිස්නේ
නෙල්ලිගලට වතුරයි පළවෙනි ප්‍රශ්නේ
6. දෙවිදුන් සමන් ඇත් රජු පිට වඩින කල
ආලෝකයක් පැතිරේ 'රන්' සෑය තුල
දෙවරක් යෑම ගැන මම නොම කියමි කුල
වරක් යෑම හෝ වටිනව නෙල්ලිගල
7. රන්වන් සෑය වැද ආදර සිතින් බැති
සුවද කුටියෙ ධාතුන් වැද නිවන් යති
ඇත් රජු සමන් දෙවි අහසින් වැඩම වති
මේවා දකින්නට පින් කළ එකම ඇති
8. එක් කර දෑත වැන්දත් ඇති නැතුව මොකුත්
පලතුරු වට්ටි සමගින් ඇති ගසන පොලුත්
පහන් තිර යොදා වක්කල පසුව තෙලුත්
අපිත් ගියා දේවාලෙට නුවර අලුත්
9. කලක සිටන් ආශාවක් තිබුණි සිතේ
සිදුවුණ අහඹු සිදුවීමකි මතක පොතේ
පහනක් පත්තුවුණි සත්තයි පිහිට ඇතේ
දෙවියන් දැඩිමුණ්ඩ බලගතු කෙනෙකි පුතේ
10. අළුත් නුවර පසු කරගෙන යන අතර
මාවනැල්ලෙ සිතුණා වෙන්නට නතර
කන්දකි ඈත කවුරුත් නොයනා නිතර
සරදි ගුණේ තිබුණා ගම තුල පැතිර
11. එකගෙයි කෑම අයියයි මල්ලියි අන්ද
පැහැදිලි කලා ගැහැණුන් විදි දුක් කන්ද
අමිහිරි අතීතය නැවතත් පතමින්ද
සිනාසුණා සමහරු කට කොනකින්ද
12. දරුවා ලැබෙන තුරු සැමියා පිලේ ඉදී
දුක් මුසු කථාවක් මුහුණේ තිබේ රැදී
වින්නඹු මෑණි ගෙන දරුවා කලා නිදී
ලේන්සුවද කම්බායද සිතින් විදී
13. උළුහල් පිලේ කුල්ලක් ඇත එළිමහනේ
අයියා ඇයත් සමගින් සැතපෙයි යහනේ
පිල උඩ සිටී මල්ලී දුක්මුසු මුහුණේ
දේපොල රකී එකගෙයි කා පුරාණේ
14. ගෑණු දෙමෝලෙන් වී කොටනා අයුරු
හදහන් බලයි වෙද සීයා ලබමුන් තුටු පඩුරු
ගමටම වළං සකපෝරුව දෙයි සොදුරු
සර්දියෙල්ගෙ ගම්මානේ බබලයි මේ මැදුරු
15. එල්ලා මරා දැමුවත් සරදියෙල් පුතු
සුද්දගෙ නීති තවමත් අපි හැමට මුතු
මේ පර නීති විසිකර සිංහලය සතු
බිහිවිය යුතුයි බලගතු රජ කෙනෙක් මතු
16. අධිරජවාදි පර සතුරගෙ බල බින්ද
ඔහු වීරයෙකි නැසුවත් එල්ලා පණ කෙන්ද
එනතරු 'සරදි' නැවතත් හැර මර නින්ද
බලා ඉදී තවමත් උතුවන් කන්ද
17. අම්මයි තාත්තයි දූවරු තිදෙන
හෝටලයක් කරයි ටවුමක හිත සැදෙන
ඉතුරු සියලු දේ ටක ටක නාදෙන් සදන
දුන්නු මිරිස් කොත්තුව විය රස බොජුන
18. සෝමාවතී, අනුරාපුර, පොළොන්නරූ
අපි තව නොගිය තැන් කොච්චර ඇද්ද සරූ
ගියත් කමක්නැහැ කීයක් නොකර බොරූ
අපි යමු තවත් වෙන පැත්තක මරේ මරූ......
Comments
Post a Comment