වන්දනාව

 

වන්දනාව

1.      දින දෙකකට පමණ සෑහෙන ඇඳුම්                                     රෙදි

කෑම ජාති හා ජලය ද නොකර                                             මදි

සිහිකර බැති සිතින් අපි තුණුරුවන්                                      ලැදි

පොඩි අයියලෑ ගෙදරට ගියෙ නැතුව                                     නිදි

 

2.      එහි දී පස් දෙනෙකුගේ බඩු ගෙන                                  පටවා

සිටියා එතන ‘සුදු මැණිකෙගෙ‘                              සහකරුවා

ඔහුත් රැගෙන වාහනයට                                              පුරවා

පිටත් වුනා හරි මනමාලයි                                           දරුවා

 

3.      කොස්ගම පොලීසිය පසු කරමින්                                          නුදුරු

කනම්පැල්ල පසුවුණි තරමක                                                අඳුරු

රන්වල දෙවිඳු හට පුද කරමින්                                              පඬුරු

පූගොඩ ටවුම පසු කෙරුවා අපි                                           සොඳුරු

 

4.      අයිය මලෝ දෙන්නෙකි නැති සට                          කපට

තලගුලි සදා ජීවත්වෙනවා                                     සැපට

හයයි තිහයි දැන් බඩ දනවා                                    අපට

මාළු පාන් හා කිඹුලා වුණි                                      පිහිට

5.      ඇතුගල මුදුනෙ බුදු පිළිමේ මුහුණෙ                                      සිනා

කුරුණෑගල තුලට ආලෝකයක්                                         ගෙනා

ගියා කිවිසුමක් මගෙ නැහැ මුහුණෙ                                      සිනා

චූටි දුවල පවුලේ අය මතක්                                                 වුණා

 

6.      පානුයි සීනිසම්බෝලයි වුණි                                    හීල

මාළු රැළට දුන්නා කෑමක්                                      වේල

අටයි පනහ වනවිට බැස්සෙමි                                 පාල

යන්න පිටත්වුනි සොයමින් දඹුළු                              ගල

 

7.      කෑවා මඟදි මයියොක්කා                                                     මුරුක්කුව

වැඩිදුර යන්න ලැබුණේ නෑ                                                    සවුත්තුව

රුපියල් විස්ස ගැන නොතරමි                                            ඔලොක්කුව

හැදුනා දඹුල්ලෙ දි මට බඩ                                                කඩොත්තුව

 

8.      ආර්ථිකේ එළවළු නම් තිබුණි                                      පිරී

අසූඅට කණුවෙ තිබුණා ක්‍රිකටි                                හොරි

රිලව් රංචු උන්ගෙන් බේරෙන්න                                බැරි

ආච්චිත් දඹුල්ලට නැග්ගා                          කොහොම හරි

 

9.      වැන්දා ආච්චී රන්ගිරි                                                   දඹුළු බිම

අල්ලා අත්දෙකෙන් අතහැර                                       තරුණකම

අම්මා කෙනෙකු හට පෙන්නා බැතින්                                 පෙම

තරුණ පුතුන් දෙන්නට ණයගැතිය                                       මම

10.   සමහරු ගමන් යති තැන තැන                                            කමින් බොමින්

පුරවා ගන්න හිත කාටත්                                                      සවන් දෙමින්

හිතේ තිබුණ කරදර පොදි                                                     තියන් බිමින්

දඔුළු ගලට අපි නැග්ගා                                                         හිමින් හිමින්

 

11.   එක ගල්කුලක් තුළ පන්සල් පහක්                                                  හදා

කල විශ්මයට අපි ණයගැතියි                                                         සදා

දඔුළු බෝධියට මල් හා පහන්                                                        පුදා

‘වළගම්බා‘ රජුට පැතුවා නිවන්                                                      සදා

 

12.   රජරට විශ්ව විද්‍යාලේ                                                       නතර වුණි

උද්දයියගේ දෝණිට පාර්සලය                                                     දුනි

ඒ වන විටදි තිබුණා මද අඳුර                                                       දැනී

ඊළඟ තැනට යාමට අපි                                                     පිටත් වුණි

 

“ජේතවනයේ ලියා තිබූ කවක්“

13.   පටි සහ කේෂ සාරීරික දා                                        ඉන්දා

මහසෙන් රජ ජේතවන දාගැබ                                 බැන්දා

බැතිසිත පුබුදුවා අත් නළලත                                    රන්දා

පතමින් අම නිවන මහ සෑ රඳ                                  වැන්දා

 

14.   අභයගිරියෙ හිමි සනසයි වන්දනා                                                      නඩ

විවෙිකාගාරෙ ඉහළට තව නැගෙයි                                                 ගොඩ

විනය ගරුක ලෙස සලකයි සියලු                                                      වැඩ

ඇති දැන් හිමියනේ සසරෙන් වෙන්න                                             ගොඩ

 

15.   නිවාගන්න සංසාරේ ගිනි                                              ගත්තු

හඳුන්කූරු මිටියක් කෙරුවා                                          පත්තු

පුදයි නොයෙක් දේ පැහැදී                                    බැතිමත්තු

දුකින් මිදේවා ලොව සියලුම                                        සත්තු

 

16.   දෝලාවකින් ගෙන යද්දී සුවඳ                                                          හලා

පොඩි අයියයි මමයි ථූපල සුවඳ                                                        කලා

ඒ වුණ අහඹු සිදුවීමට සතුටු                                                           වෙලා

යන්නට හැකිය අපි දෙන්නට නිවස්                                                   බලා

17.   උඩ මළුවට ගොසින් මල් දෝත                                             පුදා

පැතුවා නිරෝගී භාවය සසරෙ                                               සදා

“නෙල්ලිගල හිමිගෙ“ පූජාවට සවන්                                   යොදා

ගන්නට හිතෙයි ජය ශ්‍රී මහ මළුවෙ                                         නිදා

 

18.   දෝණිල දෙන්න ගැන සිහිවී භයක්                                                  දැනී

දාඩිය දමා ඇඟපත පණ නැතුව                                                      වැනී

අල්ලි ගත්ත කවුදෝ වෙත ඉවක්                                                    දැනී

අක්කට කලන්තය හැදිලා මළුවෙ                                                   උනී

 

19.   සෑය වටේ ‘කප් රුක්‘ පූජා                                                  යන්න‍ා

සර්ධා ඉපදිලා ‘නංගියි අක්කයි‘                                          දෙන්නා

හිසමත තබා ආදරයෙන් කර                                                පින්නා

වංගුව හැරෙන විට පව් අහකට                                            පැන්නා

 

20.   බෝධිය අසල සෑ රජු ලඟ යමින්                                           පිනා

ඉල්ලති නොයෙක් දේ ජනයා ගමින්                                   ගෙනා

‘මිහිඳු හිමිගෙ‘ සළකුණු අට ලෙසින්                                     මනා

අටමස්ථානෙ දුක දැරුවා වෙමින්                                          හිනා

 

21.   චූටි දූල දෝණිල හා එකතු                                                 වෙමින්

ආච්චියි මමයි ඇද්දා ගල් ඉහළ                                            ගිහින්

ගෝඨාභයට වූ විපතට රටම                                              භියෙන්

“සඳහිරු සෑය“ අයියෝ පාළුවට                                            ගිහින්

 

22.   බුදු හිමි දහම් දෙසනා ආකාර                                                          පහ

‘සඳහිරු‘ සෑයෙ අඹලා ඇත ලෙසට                                                 මහ

කවුරුන් කළත් හොඳ දේවල් නොවෙති                                          පහ

මේවා දකින්නේ සමහරු ලෙසට                                                    වහ

 

23.   සෑ රජු දෙස බලා මොහොතක් නිහඩ                                   වෙලා

අපි කළ පිනක් සිහිකරමින් කදුළු                                          සලා

දුරුකර නිහඩ බව ගුවනේ යන්න                                          ගලා

‘සඳහිරු සෑය‘ ගණ්ඨාරය නාද                                            කළා

 

24.   අම්මයි තාත්තයි කිරි දරුවන්                                              දෙන්නා

සයිකලයක ආපි පාරේ අලි                                                  උන්නා

කලහැකි දෙයක් නැහැ දරු සෙනෙහස                                 පැන්නා

ආපසු හැරුණි දැන් වෙන පැත්තක                                       යන්නා

 

25.   හබරණ කැලේ අලි ඉන්නව පාරෙ                                      කියා

වාහන වලින් ‘සිග්නල්‘ දුනි පුරුදු                                       නියා

මතක් වුනා මට ‘ජැක්සන්‘ අපොයි                                     කියා

උන්ට හොරෙන් අපි ‘සෝමාවතී‘                                       ගියා

 

26.   ජය ශ්‍රී සමිඳු මැද ආසිරිය                                                                ලැබ

‘සෝමාවතී‘ යයි දැන් වාහනේ                                                         පිඹ

වැදලා යන්න අපි නොකරමු ඔබට                                                    හබ

හබරණ කැලේ අලි පැතුවා අපට                                                      සුභ

 

27.   කෑම කාල හනි හනිකට නොහැර                                       ගිමන්

ආපසු යන්න ඕනෑ රෑවෙන්න                                             කලින්

පුතා දුන්නු මල් මිට ගෙන දුවල                                          ගිහින්

‘සෝමාවතිය‘ වැද ගත්තා පතල                                         නිවන්

 

 

28.   සෝමාවතී යන හැමටම නිවන්                                                       පැතූ

නොකරමි හිරිහැරේ කඩමින් ගස් කොළන්                                         අතු

මිනිසකු වෙන්න මදි නම් පින් තිබිය                                                  යුතු

හබරණ කැලේ වල් අලියකු නොවෙනු                                              මතු

 

29.   මල් මාලා ගොඩක් දාගෙන ඇතිව                                         සෙනේ

මහසෙන් රජතුමා සිටියා වෙහෙර                                       කොනේ

රිලව් නගින විට කිසිවක් නැතිව                                            ගුණේ

මුන් පෙර එළාරගෙ උන්දැයි සිතුණි                                        අනේ

 

30.   නිරතුරු කැලේ ගැවසෙන රැකවරණ                                               පතා

තිරිසන් සතෙක් වුණමුත් සංවරයි                                                    ඉතා

කාටත් පෙනෙන්නට තණකොළ බුදින                                            සතා

‘සෝමාවතියෙ‘ හිටියා මුරකරන                                                    සතා

 

31.   ජය ශ්‍රී මහ සමිඳු වැද ආසිරිය                                              ලැබ

‘සෝමාවති‘ යයි දැන් වාහනේ                                             පිඔ

වැදලා යන්න අපි නොකරමු ඔබට                                        හබ

හබරණ කැලේ අලි පැතුවා අපිට                                          සුභ

 

32.   කෑම කාල හනි හනිකට නොහැර                                                   ගිමන්

ආපසු යන්න ඕනෑ රෑ වෙන්න                                                         කලින්

පුතා දුන්න මල් මිට ගෙන දුවල                                                      ගිහින්

‘සෝමාවතිය‘ වැඳගත්තේ පතල                                                    නිවන්

           

33.   වල් අලි මැදින් පැන ගොස් අම නිවන්                                             සොයා

මැරුණත් කමක් නැහැ නළලත බිමින්                                                තියා

මගෙ සර්ධාවෙ තිබුණ ද අඩු කමක්                                                    ලියා

‘බුදු රැස්‘ හැංගුවේ ඇයි ‘සෝමාවතී‘                                                  ඹයා

 

34.   වම් දළදා තිබුණි සෙන්කඩගල                                           රන්දා

දකුණ තිබේ සෝමාවතියෙහි‘                                            බන්දා

හිතවත් කෙනෙකුගේ සහයෝගය                                      හින්දා

‘පොඩි අයියාට‘ පින් මම දෙතැනම                                     වැන්දා

 

35.   දිගටම පරිප්පුයි හැදෙනව දැන්                                                       ඉක්කා

කෑමක වෙනස ගැන නිතරම ඇය                                                   දැක්කා

දොළොස් දෙනෙක් හත් දහසට බඩ                                                වික්කා

හොඳ හෝටලයකින් කැවුවා පොඩි                                                 අක්කා

 

36.   ආචිචීව ගෙන ගියේ හතරැස් කොටුවෙ                                               මායි

සිහිවටනයකි කිසි දවසක නැවත                                                    නේයි

නොගියට කමක් නැහැ අනුරාපුරේ                                                   ආයි

පොඩි අයියාට ස්තූතියි ටටා                                                             බායි

Comments

Popular posts from this blog

මරේ මරු

4. සුදු මැණිකේ වෙත.......